Skip to content

1xCasino MobCash පුද්ගලික රහස්‍යතා ප්‍රතිපත්තිය

බලාත්මක වන්නේ: 01.03.2018
අවසන් වරට යාවත්කාලීන කළේ: 04.07.2025


මෙම පුද්ගලික රහස්‍යතා ප්‍රතිපත්තියේ 1xCasino MobCash වැඩසටහන හා සම්බන්ධ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි දැක්වෙන අතර පුද්ගලික දත්ත රැස් කරන, භාවිත කරන සහ ගබඩා කරන ආකාරය ද විස්තර කරයි.

වැඩසටහන පිළිබඳව

1xCasino MobCash නියෝජිත වැඩසටහනේ අරමුණ වන්නේ සමාගමේ වෙබ් අඩවියේ හෝ ජංගම යෙදුමේ පාරිභෝගිකයන්ගේ ගිණුම් ශේෂයට මුදල් එක් කිරීම සඳහා 1xCasino පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගන්නා වරප්‍රසාද ලාභීන් ආකර්ෂණය කර ගැනීමයි.

නියෝජිතයා මෙය කරන්නේ සම්පූර්ණ කරන ලද ඕනෑ ම ගනුදෙනුවක් සඳහා කොමිස් මුදලක් ලබා ගැනීම සඳහා ය. වරලත් නියෝජිතයා විසින් නියෝජිතයා හට කිසිදු මූල්‍ය වේතනයක් නොගෙවයි.

මෙම නියමයන්වල සිදු වන ඕනෑ ම වෙනස්කමක් පිළිබඳව නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබේ.

මූලික අර්ථ දැක්වීම්

වරලත් නියෝජිතයා – 1xCasino MobCash නියෝජිත වැඩසටහන

වරප්‍රසාද ලාභියා හෝ නියෝජිතයා – EPOS හෝ EPOS ජාලයේ හිමිකරු, සමාගම් අනුබද්ධිතයෙක්

සමාගම – 1xCasino ඔට්ටු ඇල්ලීමේ සමාගම

EPOS – ඕනෑ ම මූල්‍ය ගනුදෙනුවක් සිදුවන තැන

පාරිභෝගිකයා – 1xCasino පරිශීලකයා

සාමාන්‍ය නියමයන් / සීමා කිරීම්

වරලත් නියෝජිතයා සඳහා නියෝජිතයකු ලෙස ක්‍රියා කිරීමට, ඔබ වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි වයසේ, හෝ ඔබේ අධිකරණ බල ප්‍රදේශයේ වැඩිහිටි වයසේ (එය අවුරුදු 18ට වඩා වැඩි නම්) පසු විය යුතු ය. නියෝජිතයන් වරලත් නියෝජිතයාගේ නියමයන්ට එකඟ වේ.

නියෝජිතයන්ට අසීමිත මුදල් පිරිවැටුමක් සහිත එක් (1) ගිණුමක් පමණක් නිර්මාණය කළ හැකි ය.

නියෝජිතයන්ට ජයග්‍රහණ ආපසු ගැනීමට හෝ ඔවුන්ගේ පුද්ගලික ගිණුම් ශේෂයට මුදල් එක් කිරීමට ඔවුන්ගේ කාරක ගිණුමේ අරමුදල් භාවිත කළ නොහැක. මෙම නීතිය {01/01/2024} න් පසු වැඩසටහනට සම්බන්ධ වූ නියෝජිතයන්ට අදාළ වේ. මෙම දිනයට පෙර ලියාපදිංචි වූ නියෝජිතයන්ට 1xCasino වේදිකාවේ ඔවුන්ගේ ම ක්‍රියාකාරකම් සඳහා සීමාවකින් තොරව ඔවුන්ගේ EPOS භාවිත කළ හැකි ය.

නව නියෝජිතයකු ලියාපදිංචි වූ විට සම්පූර්ණ කෙරූ ගනුදෙනු සඳහා කොමිස් මුදල වත්මන් අනුපාතිකය අනුව තීරණය වේ.

අනන්‍යතා සත්‍යාපනය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම (AML) පිළිබඳ සමාගම් ප්‍රතිපත්තියට අනුව, වරලත් නියෝජිතයා විසින් නියෝජිතයන් පිළිබඳ මූලික අනන්‍යතා පරීක්‍ෂණ සිදු කරනු ඇත. මෙම පරීක්‍ෂණවල පරාසය විය හැකි අවදානම් මට්ටම සහ අනෙකුත් සාධක මත රඳා පවතී.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී, නියෝජිතයා විසින් වරලත් නියෝජිතයා හට පහත සඳහන් දෑ සැපයිය යුතු ය:

සම්පූර්ණ නම
වත්මන් පදිංචි ලිපිනය
වත්මන් විද්‍යුත් තැපැල් ලිපිනය
වත්මන් දුරකථන අංකය
Telegram හෝ WhatsApp පරිශීලක නාමය/අංකය
රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර විස්තර
පහත ලේඛනවල පිටපත්: විදේශ ගමන් බලපත්‍රය (ඡායාරූප පිටුව), හෝ හැඳුනුම්පත (පැති දෙක ම), හෝ රියදුරු බලපත්‍රය (පැති දෙක ම), හෝ රජයේ ආයතනයක් විසින් සපයා ඇති හිමිකරුගේ සම්පූර්ණ නම, උපන් දිනය සහ ඡායාරූපය පෙන්වන වෙනත් ආකාරයක අනන්‍යතාවයක්
අනන්‍යතාවය පෙන්වන ලේඛනය මුහුණු මට්ටමින් රඳවා ගෙන, හිමිකරුගේ ඡායාරූපය සහ විස්තර පැහැදිලිව පෙනෙන ලෙස ගත් සෙල්ෆි ඡායාරූපයක්

නියෝජිතයාගේ අනන්‍යතාවය සැක සහිත නම් වීඩියෝ ඇමතුමක් මගින් අනන්‍යතාවය සත්‍යාපනය කිරීමට වරලත් නියෝජිතයාට අයිතිය ඇත.

නියෝජිතගේ කාර්යභාරය

නියෝජිතයාගේ කාර්යභාරය වන්නේ සමාගමේ පාරිභෝගිකයන් වෙනුවෙන් තැන්පතු සිදු කිරීම සහ ජයග්‍රහණ ආපසු ගැනීමයි.

නියෝජිතයා සමාගමට එරෙහිව වංචනික ක්‍රියා සිදු කරන බවට හෝ සමාගමට එරෙහිව වංචනික ක්‍රියා සිදු කරන පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වී සිටින බවට සැක කළ හැකි ය, ඒවාට ඇතුළත් වන්නේ:
ගෙවීමේ නිවේදන ව්‍යාජ ලෙස සකස් කිරීම
ගිණුම් කිහිපයක් තිබීම
තෙවන පාර්ශ්ව වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම
ඔට්ටු ඇල්ලීමේ ස්වයංක්‍රීයකරණ වැඩසටහන් භාවිත කිරීම
ලැබිය හැකි සියලු ප්‍රතිඵල මත ඔට්ටු ඇල්ලීමට (arbitrage betting) සහභාගි වීම
සමාගම විසින් නියම කර ඇති සීමා ඉක්මවා ඔට්ටු ඇල්ලීම
ලෝයල්ටි වැඩසටහන අනිසි ලෙස භාවිත කිරීම

ලැයිස්තුගත කර ඇති උල්ලංඝනයන් කිසිවක් සිදු වුවහොත්, මෙම වංචනික ක්‍රියා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමෙන් අවසන් කිරීමට වරලත් නියෝජිතයාට අයිතිය ඇත. ඒවා නම්:

නියෝජිතයා සමාගමට සැලකිය යුතු හානියක් සිදු කර ඇත්නම්, අනතුරු ඇඟවීමකින් තොරව නියෝජිතයාගේ EPOS අවහිර කිරීමෙන්
අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ කොමිස් ගෙවීම් අත්හිටුවීමෙන්
නැවත නැවත උල්ලංඝනයන් සිදු වුවහොත්, ආපසු ගෙවීමකින් තොරව නියෝජිතයාගේ EPOS අවහිර කිරීමෙන්

පාරිභෝගිකයන් විසින් සමාගමේ නියමයන් උල්ලංඝනය කිරීමක දී ඒ සඳහා නියෝජිතයා වගකිව යුතු නොවන අතර, වත්මන් නියමයන්ට අනුකූල වීම සඳහා පමණක් වගකිව යුතු වේ. නියෝජිතයා හරහා තම ශේෂයන්ට මුදල් එක් කර ඇති පාරිභෝගිකයන්ගේ ගිණුම් සමාගම විසින් අවහිර කිරීම/අවහිරය ඉවත් කිරීම සිදු කරන්නේ නම්, සමාගමට අදාළ පාරිභෝගික අනන්‍යතා පිළිබඳව නියෝජිතයාට දැනුම් දිය හැකි ය.

නියෝජිත EPOS හරහා පමණක් තම ශේෂයට මුදල් එක් කර ඇති පාරිභෝගිකයකුට තම ජයග්‍රහණ ආපසු ලබා ගත හැක්කේ 1xCasino MobCash හරහා පමණි. 1xCasino MobCash ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් භාවිත කරමින් පාරිභෝගිකයා අඩුම වශයෙන් එක් (1) අවම තැන්පතුවක් කර ඇත්නම් වෙනත් මුදල් ආපසු ගැනීමේ ක්‍රම ලබා ගත හැකි වේ.

නියෝජිතයාගේ අවංකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව කිසියම් සැකයක් ඇත්නම්, නියෝජිතයාගේ EPOS අත්හිටුවීමට වරලත් නියෝජිතයා හට අයිතිය ඇත. සමාගමේ ආරක්ෂක සේවා පරීක්ෂාව අවසන් වන තෙක් අත්හිටුවීම ක්‍රියාත්මක වේ. පරීක්ෂණ කාලය අතරතුර, නියෝජිතයා සමඟ එකඟ වූ වේලාවක වීඩියෝ හඳුනාගැනීම සිදු කළ හැකි ය. වීඩියෝ අනන්‍යතා සත්‍යාපනය සඳහා සහභාගි වීමට වරෙන් වර ප්‍රතික්ෂේප කර, නියෝජිතයාගේ වරදක් හේතුවෙන් රාජකාරි දින 7ක් ඇතුළත එය සම්පූර්ණ නොකරන අවස්ථාවක දී , වීඩියෝ අනන්‍යතා සත්‍යාපනය සිදු කරන තෙක් නියෝජිතයාගේ ගිණුම අවහිර කරනු ලැබේ.

ආරක්ෂක සේවාව මගින් නියෝජිතයා නීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය කර ගන්නේ නම්, නියෝජිතයාගේ ගිණුම අවහිර කරනු ලැබේ. උල්ලංඝනයේ ස්වභාවය පිළිබඳව නියෝජිතයාට දැනුම් දෙනු ලබන අතර අරමුදල් ඔවුන්ගේ EPOS වෙත ආපසු ලබා නොදෙනු ඇත.

පාරිභෝගික තත්ත්වය (“සක්‍රිය” හෝ “අවහිර කර ඇත”) හැර, ඔවුන්ගේ EPOS භාවිත කරන පාරිභෝගිකයන් පිළිබඳ කිසිඳු තොරතුරක් සමාගම නියෝජිතයාට ලබා නොදේ.

වරලත් නියෝජිතයා සහ නියෝජිතයා අතර ඕනෑ ම අන්තර්ක්‍රියාවක් වැඩසටහන් වෙබ් අඩවියේ දක්වා ඇති නිල සන්නිවේදන මාර්ග හරහා පමණක් සිදු කෙරේ.

අප ඔබේ පුද්ගලික දත්ත භාවිත කරන ආකාරය

අපි ඔබේ ඉල්ලීම් අපගේ 1xCasino MobCash සහාය සේවා කළමනාකරුවන් වෙත යොමු කර මෙම ඉල්ලීම් සඳහා පිළිතුරු සපයන්නෙමු. ඉල්ලීම් විසඳන තෙක් අපි ඒවා දත්ත සමුදායේ ගබඩා කරන්නෙමු. ඔබේ ඉල්ලීමේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් අපි එවන්නෙමු.

දත්ත මාරුව සහ ආරක්ෂාව

අප ඔබේ පුද්ගලික දත්ත තෙවන පාර්ශ්ව සමඟ බෙදා ගන්නේ නැත. ඉල්ලීමක් සැකසීමේ දී අපගේ පාරිභෝගික සහාය කළමනාකරුවන්ට සහ දැඩි රහස්‍යභාවයේ කොන්දේසි යටතේ අපගේ තාක්ෂණික සේවා සපයන්නන්ට පමණක් ඔබේ දත්ත ලබා ගත හැකි ය.

ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂිත දත්ත සමුදායක ගබඩා කර ඇත. ඔබේ පුද්ගලික දත්ත අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කිරීමට අපි නවත ම තාක්ෂණයන් භාවිත කරන්නෙමු.

දත්ත ගබඩාව

අපි ඉල්ලීම විසඳූ දා සිට දින 30ක් දක්වා ඔබේ ඉල්ලීම ගොනුවේ තබා ගන්නා අතර, ඉන් පසුව එය ස්වයංක්‍රීයව මැකෙනු ඇත. අපගේ 1xCasino MobCash පාරිභෝගික සහාය විශේෂඥයන් සම්බන්ධ කර ගැනීමෙන් මකා දැමූ ඉල්ලීම් නැවත ලබා ගත හැකි ය.

මෙම පුද්ගලික රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම්

මෙම පුද්ගලික රහස්‍යතා ප්‍රතිපත්තිය වරින් වර යාවත්කාලීන විය හැකි අතර, මෙය අවසන් වරට යාවත්කාලීන කළ දිනය “අවසන් වරට යාවත්කාලීන කළේ” යටතේ ප්‍රදර්ශනය කෙරේ. යාවත්කාලීන කිරීමකින් පසුව ඔබ 1xCasino MobCash යෙදුම භාවිත කිරීම දිගට ම කරගෙන යන්නේ නම්, ඔබ පෙරනිමියෙන් වෙනස්කම් පිළිගනී.

Layout hidden